අද සිට 18ට වැඩි අයට මේ දේවල් කරන්න TIN අංකය අනිවාර්යයි - බදු ගෙවිය යුතු අය ගැනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

Report

වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හෙට (නොවැම්බර් 01) සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

2024 වසරේදී එවකට පැවති රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් TIN අංකයක් ලබාගත යුතු බවට නියම කර තිබේ.

ඒ අනුව, TIN අංකය ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත.

හෙට සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන කාර්යයන් අතර බැංකුවක හෝ මූල්‍ය ආයතනයක නව ගිණුමක් විවෘත කිරීම, ණය පතක් ලබාගැනීම, ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබාගැනීම සහ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම ඇතුළත් වේ.

එමෙන්ම මෝටර් වාහන බලපත්‍රයක් අලුත් කිරීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමේදී ද TIN අංකය ඉදිරිපත් කළ යුතුය.

තලෙයිමන්නාරම මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

තලෙයිමන්නාරම මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

කෙසේ වෙතත්, සියලුම බැංකු ගනුදෙනු සඳහා TIN අංකය අනිවාර්ය කර නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව බැංකු ගනුදෙනුවලදී TIN අංකය අවශ්‍ය වන්නේ නව ගිණුමක් විවෘත කිරීමේදී සහ ණය පතක් ලබාගැනීමේදී පමණක් බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙම කාර්යයන් සඳහා TIN සහතිකයම ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සිදුකරන පරීක්ෂාවෙන් ලැබෙන තොරතුරු අදාළ ආයතනය වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වයස අවුරුදු 18 ඉක්මවූ සියලු දෙනා TIN අංකයක් ලබාගත යුතු වුවද, එම සියලු දෙනාම බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්‍ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන්නේ නම් පමණක් ඔහු හෝ ඇය බදු ගෙවීමට යටත් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිවේදනවලට අනුව, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙරට පුරවැසියන් මිලියන 17ක පමණ පිරිසක් සිටින අතර, ඉන් මිලියන 3ක පමණ පිරිසක් මේ වන විට TIN අංකය ලබාගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා - හෙට සිට ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා - හෙට සිට ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක්