මියගිය ‘කාවන්තිස්ස’ ඇතා වෙනුවෙන් සජිත්ගෙන් ජීවමාන ප්‍රතිමාවක්

Report

සියඹලාංගමුව වැව් රක්ෂිතයේ විසූ ‘කාවන්තිස්ස’ ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ විශේෂ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.

කාවන්තිස්ස ඇතුළු කහල්ල-පල්ලෙකැලේ හස්ති රංචුව නිතර ගැවසෙන ප්‍රදේශයට ආසන්නව පිහිටි අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි අභාවප්‍රාප්ත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට අයත් වතු පරිශ්‍රයේ මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීමට නියමිතය.

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

මෙම භූමි භාගය තුළ කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිමාවට අමතරව විශේෂ පර්යේෂණ සහ පුස්තකාල පරිශ්‍රයක් ද ස්ථාපනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් අලි-මිනිස් ගැටුම අවම කරමින් සමනය කිරීමේ පියවරයන් සඳහා අවශ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම, විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ අනාගත පරම්පරාවල යහපත උදෙසා ඇත් සහ අලි සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට හෝ අලුත් කිරීමට - අද සිට ක්‍රියාත්මක වන අති විශේෂ නිතිය මෙන්න

විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ මඟින් මෙම සමස්ත වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.