මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා රටේ උද්ධමනය සියයට 7 සීමාව ඉක්මවා යාම පාලනය කිරීමට අපොහොසත් වීම සහ ආයතනය තුළ අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකර ගැනීම යන කරුණු මුල් කරගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය ධුරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බවයි.

මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදීම සඳහා නව පනතක් සම්මත කර දුන් නමුත්, එහි නිලධාරීන් එම ස්වාධීනත්වය අවභාවිත කරමින් සියයට 112කින් පමණ වැටුප් වැඩිකර ගැනීමට පමණක් කටයුතු කර ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

විවාහ සඳහා අනතුරු ඇඟවීමක් - වසියම් යන්ත්‍ර මන්ත්‍ර වලටත් රජයෙන් වැටක් - මිත්‍යා විශ්වාස ප්‍රවර්ධනයට රතු එළියක්

විවාහ සඳහා අනතුරු ඇඟවීමක් - වසියම් යන්ත්‍ර මන්ත්‍ර වලටත් රජයෙන් වැටක් - මිත්‍යා විශ්වාස ප්‍රවර්ධනයට රතු එළියක්

ඔහු වැඩිදුරටත් පැවසුවේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් සියයට 90කට අධික පිරිසක් දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එළඹෙන අලුත් අවුරුදු උත්සවය සැමරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන මොහොතක, මහ බැංකු නිලධාරීන් මෙලෙස අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගැනීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ නව මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව උද්ධමන අනුපාතිකය නියමිත සීමාවන් ඉක්මවා යන අවස්ථාවලදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කිරීමටත්, එය සමනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වාර්තා කිරීමටත් මහ බැංකු අධිපතිවරයා බැඳී සිටින බවයි.

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට

එම වගකීම පැහැර හරිමින් අධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බව රාඝවන් මහතා සඳහන් කළේය. එමෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත ද චෝදනා එල්ල කළ සුරේන් රාඝවන් මහතා, මහ බැංකු නිලධාරීන්ගෙන් සෘජුව ප්‍රශ්න කර රට හමුවේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට ඔහු ද්විත්ව ස්ථාවරයක සිටිමින් කටයුතු කරන බවට චෝදනා කළේය