හිටපු ඇමති විජයදාසට කෝටි 130ක් වන්දි ගෙවන්න බැරිව ලේක් හවුස් හිරවෙලා
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් මගින් රුපියල් මිලියන 1300ක (කෝටි 130) දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී.
මෙම වන්දි මුදල ගෙවීමට ලේක්හවුස් ආයතනය සතුව ප්‍රමාණවත් මුදල් නොමැති වීමත්, මේ සම්බන්ධයෙන් අතරමැදි එකඟතාවකට එළඹීම සඳහා විජයදාස රාජපක්ෂ මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති වීමත් මෙම අර්බුදය උග්‍ර වීමට ප්‍රධාන හේතු වී ඇත.
ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙතරම් විශාල වන්දි මුදලක් ගෙවීමේ හැකියාව ආයතනයට නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කළ ද, ඒ සඳහා මෙතෙක් ධනාත්මක පිළිතුරක් ලැබී නොමැති බව ඔහු තහවුරු කළේය.
ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙතරම් විශාල වන්දි මුදලක් ගෙවීමේ හැකියාව ආයතනයට නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කළ ද, ඒ සඳහා මෙතෙක් ධනාත්මක පිළිතුරක් ලැබී නොමැති බව ඔහු තහවුරු කළේය.
මෙම අර්බුදයට විසඳුමක් ලෙස, ලේක්හවුස් ආයතනය දීර්ඝකාලීන බැංකු ණයක් ලබා ගැනීම සඳහා ඇපකරයක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, ඒ සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය බවත් සභාපති ගාමිණී වරුෂමාන මහතා පැවසීය. එසේ වුවද, ආයතනයේ දෛනික කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බව ඔහු තහවුරු කළේය.
ලේක්හවුස් ආයතනය සතු හෝකන්දර ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇති බවට පැතිර යන ආරංචි පිළිබඳ විමසීමකදී, සභාපතිවරයා පැවසුවේ එම ඉඩම දැනටමත් බැංකුවලට උකස් කර ඇති බවයි. මෙම තත්ත්වය ආයතනයේ මූල්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ කර ඇත.
මෙම නඩුව 2009 වසරේදී කොළඹ දිසා අධිකරණයට ගොනු කර තිබූ අතර, 2010 වසරේදී ලේක්හවුස් ආයතනයට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස තීන්දුවක් ලබා දී තිබිණි. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය 2013 වසරේදී නිෂ්ප්‍රභ වූ අතර, අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද 2025 ඔක්තෝබර් 14 වන දින නිෂ්ප්‍රභ කරනු ලැබිණි. 2010 වසරේ සිට වාර්ෂිකව සියයට 12ක පොලී අනුපාතය යටතේ ගණනය කිරීම හේතුවෙන් වන්දි මුදල රුපියල් මිලියන 1300 දක්වා ඉහළ ගොස් ඇත.
ලේක්හවුස් ආයතනයේ වෘත්තීය සමිති මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විජයදාස රාජපක්ෂ මහතාගෙන් හමුවක් ඉල්ලා ඇති නමුත්, එම හමුවට දිනයක් ලබාදීමෙන් පසුව එය අවලංගු කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය ආයතනයේ සේවකයන්ගේ අනාගත ආරක්ෂාව සහ රැකියා ස්ථාවරත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු කර ඇත.