ඉෂාරා කියන්නේ තනි කෙනෙක් නෙමෙයි - ඉෂාරා ගැන පළමුවරට චමල් රාජපක්ෂ කට අරී
පාතාල කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකරු වන ඉෂාර සෙව්වන්දි විදේශගතව සිටියදී ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම අපි සාදරයෙන් පිළිගන්නා බවට රාජපක්ෂ පවුලේ හිටපු ඇමති චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රාජපක්ෂවරුන්ට මෙම ඉෂාර සෙව්වන්දි සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවටත් ඔහු තවදුරටත් කියා සිටියා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය,
"ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් පොලිසිය විසින් බරපතල හා විධිමත් පරීක්ෂණ පැවැත්විය යුතුයි. පාතාල කල්ලි ඇයව ඔවුන්ගේ අරමුණුවලට යොදාගෙන ඇති බව පැහැදිලියි. ඇය තනිව කටයුතු කළ බව සිතීම සුදුසු නැහැ. ඇයට නීතියට අනුකූලව සුදුසු දඬුවම් ලබාදිය යුතුයි.
ඉෂාර සෙව්වන්දි සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයින් ඇතුළු සියලු පුද්ගලයන්ගේ නම් හා විස්තර රජය විසින් ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර, ඔවුන්ව අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ඉදිරිපත් කළ යුතුයි.
රාජපක්ෂවරුන්ට ඉෂාර සෙව්වන්දි සමඟ කිසිදු සම්බන්ධතාවක් නැති බව අපි තරයේ ප්‍රකාශ කරමු. සමාජ මාධ්‍යවල පළවන ව්‍යාජ හා අසත්‍ය තොරතුරු අපි දැඩි ලෙස හෙළා දකිමු."