මෙයාව දැක්කොත් වහාම කියන්න - ලසන්ත ඝාතක සැකකරු සොයයි

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පසුගිය 22 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළේය.

ඝාතනයට ලක්වූ සභාපති ලසන්තගේ මරණයට තුනක් අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ සභාපති ලසන්තගේ මරණයට තුනක් අත්අඩංගුවට

අද දින (26) සිදුකල මෙහෙයුමකදී වෙඩික්කරු යැයි සැක කරන එක් පුද්ගලයෙකු පලා ගොස් ඇත.

මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රිසියෙන් ANURADA ලෙස ද වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරුගේ ඡායාරූප මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පතිට කියන්න (WhatsApp)- 071 859 8888

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය - 011 233 7162 / 071 859 2087

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී.

එම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේද සහාය සහිතව අද (26) අලුයම් කාලයේදී කමතක් සඳහා භාවිතා කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා පරීක්ෂා කර ඇත. එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම සභාපති ලසන්තගේ අවසන් කටයුතු අද

වැලිගම සභාපති ලසන්තගේ අවසන් කටයුතු අද

වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය සමඟ පොර බැදීමක් සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීමට යොමුකර ඇති බවයි.

මෙහිදී සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරුපැදිවලින් එක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ

පොලිස් භාරයට ගෙන තිබේ. මේ අතර මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

"මගේ රාජපක්ෂ" කියල සෙව්වන්දි දුරකථනයේ සේව් කරන් ඉදලා

එමෙන්ම මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරින් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.  

Gallery