මාලිමා ලොක්කෙක් හිටිහැටියේම ඉල්ලා අස්වෙයි - මෙන්න හේතුව

Report

කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා සඳහන් කර ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) දිනයේ තමා වෙත භාරදුන් අතර නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර ඇත.

ආයෙත් ලෝකෙම අඳුරට? කොරෝනාවට නොදෙවෙනි හැන්ටා වෛරසය - තවත් ආසාදිතයන් 3ක් මතුවෙයි

ආයෙත් ලෝකෙම අඳුරට? කොරෝනාවට නොදෙවෙනි හැන්ටා වෛරසය - තවත් ආසාදිතයන් 3ක් මතුවෙයි

කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් මෙම මන්ත්‍රීවරයා කුරුණෑගල මහ නගර සභාව සඳහා තේරී පත්ව තිබුණි.

අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් මත තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රේමචන්ද්‍ර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දැනුම් දී තිබේ. 

තලපති විජේගේ මහ ඇමති සිහිනය කල් යන ලකුණු? බහුතරය නැතිව තමිල්නාඩුවම කැළඹෙයි

තලපති විජේගේ මහ ඇමති සිහිනය කල් යන ලකුණු? බහුතරය නැතිව තමිල්නාඩුවම කැළඹෙයි