අමානුෂික ලෙස තරුණයෙකුට පා පහරක් එල්ල කළ හමුදා නිලධාරියා ගැන විශේෂ පරීක්ෂණයක් - වීඩියෝ සහිතයි..(VIDEO)

Sri Lanka Army Kurunegala Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 04, 2022 10:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි.

සිදු වූ ගැටුමක් අතර තුර එම ගැටුම මැදට එකවර පැමිණි ලූතිනන් කර්නල්වරයා එහි සිටි පුද්ගලයාග් උදරය ප‍්‍රදේශයට පා පහර එල්ල කරන අයුරු සමාජ මාධ්‍ය වල ප‍්‍රචාරයන වන වීඩියෝ පටයේ සටහන් වී ඇත.

එම ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් බලා සිටියදි මෙම සිදුවීම සිදුවනු දක්නට ලැබේ. මෙම නිලධාරියාගෙන් කි‍්‍රයා කළාපයට එහි සිටි පිරිස විරෝධය දක්වන අයුරුද එම වීඩියෝ පටයේ සඳහන් වේ.

මෙම ඉන්ධනපිරවුම් හලේ දින කිහිපයකට සිට පිටස්තර පුද්ගලයන් පැමිණ එහි සිට පිරිස සමග ගැටුම් ඇතිකර ගෙන ඇති බවත්, පෙරේදා දිනයේ දී එහි ආරක්ෂාවට සිටින හමුදා සහ පොලිස් නිලධාරීන්ට පරුෂ වනයෙන් බැන වැදී ගැටුම් ඇතිකර ගත් අවස්ථාවේ සිද්ධිය සැලවී හමුදා අනදෙණ නිලධාරියා එහි පැමිණ මෙම ප‍්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු අනාවරනය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිලන්ත පේ‍්‍රමරත්න මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධියේ දී හමුදා නිලධාරියාගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. සිද්ධිය වු ස්ථානයේ පිිරිස හමුදා නිලධාරීන්ට පරුෂ චනයෙන් බැන වැදී පහර දීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවද හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now