කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට වාර්ෂිකව සිසුන් 150 දෙනෙක්ට සීමා කළ යුතු බවට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම් අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති කමිටුව නිර්දේශ කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව අඳාළ කමිටුව නිර්දේශ කර ඇත්තේ උපරිම ලෙස දේශීය සිවිල් සිසුන් 100 දෙනෙක් ඇතුළත් කර ගත යුතු බවයි.
එසේම එම කමිටුව සඳහන් කර තිබෙන්නේ ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශිකයන් සහ දේශීයයන් යන අනුපිළිවෙලින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි.