කොල්කටා නගරයේ දූෂණය කර මරා දැමූ වෛද්‍යවරියගේ ඝාතන සිදුවීම ගැන අධිකරණයෙන් විශේෂ තීන්දුවක්.
කොල්කටා නගරයේ දූෂණය කර මරා දැමූ අභ්‍යාසලාභී වෛද්‍යවරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන සියලුම සමාජ මාධ්‍යවලින් ඉවත් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, ඇයගේ අනන්‍යතාවය සමාජ මාධ්‍යවල හෙළි කිරීමට එරෙහිව නීතිඥවරයෙක් ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින්.
වින්දිතයාගේ නම සහ ඊට අදාළ හෑෂ් ටැග් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් සහ එක්ස් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති බව ද පෙත්සමේ සඳහන්.
එමෙන්ම මියගිය අයගේ අනන්‍යතාවය සහ මළ සිරුරේ ඡායාරූප සමාජමාධ්‍ය මගින් මෙසේ ප්‍රසිද්ධ කර ඇති බැවින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බාධාවක් වී ඇති බව අගවිනිසුරුවරයා පවසනවා.
තීරණාත්මක ඉදිරි පැය 24 ගැන කාලගුණ අනාවැකිය නිකුත් වෙයි. - දිවයිනේ කැළඹුණු කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.
මේ අතර අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ප්‍රකාශ කළේ, ලිංගික අතවරයකට ගොදුරු වූ තැනැත්තෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම නිපුන් සක්සේනා නඩුවේදී ලබා දුන් නියෝගය උල්ලංඝනය කිරීමක් බවයි.