තීරණාත්මක ඉදිරි පැය 24 ගැන කාලගුණ අනාවැකිය නිකුත් වෙයි. - දිවයිනේ කැළඹුණු කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.

Sri Lanka Weather Floods In Sri Lanka
By Wayomi Aug 21, 2024 09:22 AM GMT
Wayomi

Wayomi

Report

අද (21) දහවල් වන විට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක පවුල් 07ක සාමාජිකයින් 29 දෙනෙකු පිඩාවට පත්ව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

ඔබේ ජීවිතයට ආසාවක් තියේ නම් අද සිට මෙන්න මේ ප්‍රදේශ වලට යෑම දැඩි අවදානම්. - අද දවල් 12 වෙද්දී සිදු වූ දේ.

ඔබේ ජීවිතයට ආසාවක් තියේ නම් අද සිට මෙන්න මේ ප්‍රදේශ වලට යෑම දැඩි අවදානම්. - අද දවල් 12 වෙද්දී සිදු වූ දේ.


කෙසේ වෙතත් ඉදිරි පැය 24 ට දිවයින පුරා කාලගුණ අනාවැකිය අද මධ්‍යහන 12.00 ට නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය.


වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.


සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.


මුහුදේ ස්වභාවය:

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.  

ඇඹිලිපිටියේ සිට පෙම්වතුන් හමුවීමට ආ සොයුරියන් දෙදෙනා නොහිතපු ලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා.

ඇඹිලිපිටියේ සිට පෙම්වතුන් හමුවීමට ආ සොයුරියන් දෙදෙනා නොහිතපු ලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා.


Gallery