අම්මෝ බටයක් ඇතුළේ හංගලා අරන් ගිය භාණ්ඩේ මෙන්න කෝටි දෙකක් වටිනවලු
පයාගල ප්‍රදේශයේදී නළයක් තුළ රුපියල් කෝටි 2ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් හංගා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු කළුතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නළයක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කල අතර පොලීසිය සඳහන් කළේ සැකකරු වෙනත් පුද්ගලයකුට ලබාදීමට මෙය රැගෙන ගිය බවයි.
නළය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 175ක් සොයාගත් අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා කුඩා පයගල ප්‍රදේශයේ පදිංචි 44 වියැති පුද්ගලයෙකි.
මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් රැගෙන ආ මත්ද්‍රව්‍ය මෙලෙස තොග වශයෙන් බෙදාහැර ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වේ.