අද match නේද? හැමෝම බලනව නේද ? මාලිංග තරගයට කළින්ම වැඩ පටන් ගනී - ලසිත් මාලිංගගේ ෆේස්බුක් සටහන ක්රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට
පසුගිය දින ශ්රී ලංකා ක්රීඩාලෝලීන්ට කලකට අමතක නොවන දිනයක් වුණා
ඒ පසුගිය දින පැවති පාකිස්තාන තුන්කොන් එක්දින ක්රිකට් තරගයෙන් එංගලන්තය පරාජය කර කඩුලු 2ක සටන්කාමී ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වීමත් සමඟයි.
ඒ අනුව රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්රී ලංකා පිතිකරුවන්ට එක් පන්දුවක් (49.5) පමණක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 430 ලබාගනිමින් තරගයේ ජය තහවුරු කිරීමට හැකි වුණා .
මේ විශිෂ්ඨ ජයග්රහණයට කළින් ලසිත් මාලිංග කළින්ම සිය නිළ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහන කාගේත් අවධානය දිනා ගත්තා
මේ දවස්වල ප්රචලිත යන්ත්ර මන්ත්ර ගුරුකම් ගැන ක්රීඩාවට ඈදලා හරි නිර්මාණශීලී සටහනක් ඔහු එක්කර තිබුණා.
ශ්රී ලංකා කණ්ඩායම අද පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.
ඒ එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්
මෙහි ජයග්රහණය අපේක්ෂාවෙන් ක්රිකට් ක්රීඩා ඉතිහාසයේ රනින් නම ලියපු ලසිත් මාලිංග තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අදත් එක්කරන ලද පෝස්ට් එක බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුවෙලා