මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

Report

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නොතීසි නිකුත් කළේය.

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කර ඇති නමුත් තවමත් ඔහුව සොයාගැනීමට නොහැකි වීම නිසා අද දින (21) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් රාජිත සේනාරත්න මහතාගේ මාලඹේ පිහිටි නිවසට ගොස් අධිකරණයේ පෙනීසිටින ලෙස දැන්වීමක් අලවා ඇත.

මේ ආකාරයට නොතීසි නිකුත් කිරීමට හේතුව වූයේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් කිරීමේ චෝදනාවටය.

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

පසුව නඩුවට අදාළව මෝසමක් මගින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව මෙම නොතීසි නිකුත් කර ඇත.

මින් පෙරම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ නමුත් ඔහු නොපැමිණීම හේතුවෙන් එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.  

තවත් ලොක්කෙක්ට වැඩ වරදී - හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට අධි චෝදනා 5 ක්

තවත් ලොක්කෙක්ට වැඩ වරදී - හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට අධි චෝදනා 5 ක්