මහ වැසි මැද මේ රෝගීන් සහ මරණ සංඛ්‍යාවත් වැඩි වෙයි - සෞඛ්‍යයෙන් දිවයිනටම රතු එළි

Report

ඩෙංගු මර්දන ඒකකය මඟින් වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 81ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.

ඒ අනුව එම ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105,295ක් වේ.

එසේම මෙම රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන අතර, එම සංඛ්‍යාව 54,783ක් බව සඳහන්.

දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් දකුණු පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 14,954කි. තවද මධ්‍යම පළාතෙන් රෝගීන් 10,549ක් ද, සබරගමුව පළාතෙන් රෝගීන් 8,629ක් ද වශයෙන් ද වාර්තා වී ඇත.

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින්.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 22,094ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20,453ක් ලෙසයි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 8,398ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,593ක් ද වාර්තා වී ඇත.

එසේම වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම මාසය තුළ පමණක් රෝගීන් 29,964ක් වාර්තා වී ඇති බවත් සඳහන්. තවද ඔක්තෝබර් මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 4,575ක් වාර්තා වී ඇති බව ද එම දත්ත පෙන්වා දී තිබේ.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ අතර දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 28ක් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන බව වාර්තා වේ.

එබැවින් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි විය හැකි බැවින්, තම නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං