ජපානයටත් දැඩි අනතුරු ඇඟවීමක් - පාරවල් වහලා ජනතාවට විමසිල්ලෙන් පසුවෙන්නැයි දැනුම් දෙයි
By Kaushi
ජපානයේ ටොටෝරි සහ ඉෂිකාවා ප්‍රාන්තවලට එරට කාලගුණ විද්‍යා අංශ මඟින් දැඩි හිමපතනයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ැති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මේ නිසා එරට රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇති බවයි.
එසේම එම ප්‍රාන්තවල ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසත් දැනුම් දී තිබෙනවා.
තවද ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙසත් දැනුම් දී ඇති අතර, ඇතැම් මාර්ග දැනටමත් වසා දමා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.