මේ සතියේ එයාලත් යන්නම ‍යයි - ජපානයෙන් නරක ආරංචියක්

Report

මතුව අති චීන - ජපන් රාජ තාන්ත්‍රික අර්බුද මධ්‍යයේ ජපානයේ සිටින අවසන් පැන්ඩා පැටවුන් දෙදෙනා මෙම සතියේ යළි චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව ඔවුන් පිටත්ව යාමට පෙර අවසන් වරට දැකබලා ගැනීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත ජපන් වැසියන් අද (25) දින ටෝකියෝ සත්වෝද්‍යානයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පැන්ඩා පැටවුන් දෙදෙනා චීනය වෙත යාමත් සමඟ වසර පනහකට පසු ප්‍රථම වතාවට ජපානයට පැන්ඩා සතුන් නොමැති වී යන බව සඳහන්.

දිවයිනේ සෑම ප්‍රදේශයකටම නිවේදනයක් - පෙබරවාරි අග දක්වා

දිවයිනේ සෑම ප්‍රදේශයකටම නිවේදනයක් - පෙබරවාරි අග දක්වා

එමෙන්ම පැන්ඩා සතුන් ජපානය තුළ කෙතරම් ජනප්‍රියද යත්, අවසන් දිනයේදී ඔවුන් නැරඹීමට එක් අයෙකුට ලැබී ඇත්තේ විනාඩියක කාලයක් පමණක් බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් බීජිං පාලනය මෙම පැන්ඩා සතුන් ලොවට ලබා දෙන්නේ සංරක්ෂණ වැඩසටහන් මත වන අතර, ඔවුන්ගේ අයිතිය සැමවිටම චීනය සතු වෙනවා.

මෙසේ පැන්ඩා සතුන් නොමැති වීම හේතුවෙන් ජපානයට වසරකට යෙන් බිලියන 20ක පමණ ආර්ථික පාඩුවක් සිදුවනු ඇති බව ද ආර්ථික විද්‍යාඥයෝ ඇස්තමේන්තු කර තිබෙනවා.

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්