ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට අලුත් නායකයෙක්, ශ්‍රීධරන් කැපෙන්න හේතුව මෙන්න
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක ලෙස මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් පත් කර තිබේ .
මීට පෙර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිවරයා ඉවත් කර තිබෙන බවත් එම තනතුර සඳහා ඒ අනුව මන්ත්‍රි ශානකියන් රාසමාණික්කම් පත් කිරීමට එම පක්ෂ නායකත්ව මණ්ඩලය තීරණය කර ඇත .
තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක සිවඥානම් ශ්‍රීධරන් විසින් දිගින් දිගට ම පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී කටයුතු කිරීම මෙම තනතුර වෙනස් කිරීමට හේතුව වී තිබේ.