හොරෙන් විදුලිය ගන්න අයට හොදටම වැඩ වරදින ලකුණු
වංචනික ලෙස විදුලිය පරිහරණය කළ පාර්ශ්ව වෙතින් රුපියල් මිලියන 90 ඉක්ම වූ අලාභයක් පියවා ගැනීමට 2025 වර්ෂය තුළ ලංවිම විශේෂ විමර්ශන ඒකකයට හැකිවී ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ඉන්දික ප්‍රනාන්දු මහතා සදහන් කරන්න්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය 2025 වර්ෂය තුළ දීප ව්‍යාප්තව කළ වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසර තුළ වංචනිකව විදුලිය පරිහරණයන්ට අදාළ වැටලීම්වලදී රුපියල් අනූදෙමිලියන හත්සිය හැත්තෑදහස් හැට එකයි ශත විසි එකක (රු. 92,770,061.21) මුදලක් අය කරගැනීමට හැකි වී ඇති බවයි.
ඒ අනුව 2025 වර්ෂය සඳහා වැටලීම්වලින් ලබා ගත් මුළු ආදායමෙන් රුපියල් අනූ මිලියන දෙසියහතළිස් දෙදහස් පන්සිය හැට එකයි ශත විසි එකක් (රු. 90,242,561.21), ලං.වි.ම. අලාභ වශයෙන් ද රුපියල් දෙමිලියන පන්සිය විසිහත් දහස් පන්සියයක් (රු. 2,527,500.00) උසාවි ගාස්තු වශයෙන් ද අය කරගෙන ඇති බව වාර්තා වේ.
තවද 2025 වර්ෂයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය කළ එම වැටලීම් තුළින් විදුලි මීටර් වෙනස් කර විදුලිය ලබා ගැනීමේ සිද්ධීන් 1,259 ක් ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 72 ක් ද අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මෙවැනි සිද්ධීන් නිසා විශාල පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු (විමර්ශන) ඉන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී එම වංචනික ලෙස විදුලිය පරිහරණය කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි.
තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දී සිදු කළ වැටලීම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන රැහැන් මාර්ගයට කොකු ගසා සහ සත්‍ය විදුලි පරිභෝජනය මනුගත නොවන සේ විදුලි මනුව වෙනස් කොට විදුලිය වංචනික ලෙස පරිහරණය කර තිබෙන බව අනාවරණය කරගන තිබේ.
තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකාර තුමන් සදහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයට විවිධ ආකාර මඟින් ලැබී තිබූ තොරතුරුවලට අනුව සිදු කළ වැටලීම්වලදී සමාජයේ ඉහළ සිට පහළට විවිධ පුද්ගලයන් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ වගේම ව්‍යාපාරික මෙන්ම විවිධ වෘත්තීන්වල නිරත වන අය සිටි පුද්ගලයන් ඒ අතර වන බවත් වාර්තා වේ.
මේ ආකාරයට වංවනික විදුලි පරිහරණය සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් 011 – 2422259 දරන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසත්, 1987 යන ක්‍ෂණික දුරකතන සේවාව ද ඒ සඳහා විවෘත බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු (විමර්ශන) ඉන්දික ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ