අදත් අකුණු සහිත වැසි – ජනතාවට අවධානයක්

Report

අද(14) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නවතම කාලගුණ වාර්තාවට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100කට ආසන්න තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මිනිත්තු 2කින් යානය කඩා වැටුනා – කුමන හඬක්ද ඒ? අභිරහසක්ද?

මිනිත්තු 2කින් යානය කඩා වැටුනා – කුමන හඬක්ද ඒ? අභිරහසක්ද?

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ, දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං හැමීමේ හැකියාවක් ඇති බව ද සඳහන් වේ.

අද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

අද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසයි.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...