අද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළට
ලෝක වෙළඳපොළේ රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එක් දිනක් තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 116කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,441 දක්වා ළඟා වී තිබේ.
මෙය 3.4%ක මිල වැඩිවීමක් ලෙස සටහන් වේ.
මෙම ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ රන් මිල ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග අපේක්ෂා කරයි.