බිහිසුණු යුද ගින්නෙන් ලෙබනනයට සහ හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලයෙන් උපරිම පීඩනයක් - එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් අයෙක් මරුට
By Kaushi
ලෙබනනයේ බීරූට් අගනුවරට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයකට ඊශ්‍රායලය මඟින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉකුත් සතියේ හිස්බුල්ලා සංවිධානය මඟින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුව ඊශ්‍රායල හමුදාව ලෙබනනය තුළ සිය ප්‍රහාර දැඩි කර ඇති බව සඳහන්.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගනුවර ඇතුළු රට පුරා සිදු කෙරෙන මෙම ප්‍රහාරවල තීව්‍රතාවය ඔස්සේ හිස්බුල්ලා සංවිධානයට මෙන්ම, ලෙබනන රජයට ද උපරිම පීඩනයක් එල්ල කිරීම ඊශ්‍රායල හමුදාවේ අරමුණ වී ඇති බවයි.