තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Report

අමෙරිකාව මඟින් ඉරානයේ කාර්ග් දූපතට (Kharg Island) එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන සහ කඳවුරු "නීත්‍යානුකූල ඉලක්ක" වශයෙන් සලකා ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් සේවය මඟින් ප්‍රචාරය කරන ලද නිල නිවේදනයක, තම ජාතික ස්වෛරීභාවය සහ භූමිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව දැක්වෙන බව සඳහන්.

එසේම අඳාළ නිවේදනයේ "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර නගරවල ස්ථාපිත කර ඇති අමෙරිකානු මිසයිල ක්‍රියාත්මක කරන මධ්‍යස්ථාන, වරායවල්, නැව් තොටවල් සහ අමෙරිකානු සොල්දාදුවන් රැඳී සිටින ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ නීත්‍යානුකූල අයිතිය ඉරානය සතුයි," යනුවෙන් සඳහන්ව ඇතැයි වාර්තා වේ.

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

එමෙන්ම එහිදී අමෙරිකානු සතුරන් සඳහා රැකවරණය සපයන ඕනෑම ස්ථානයක් මින් ඉදිරියට අනතුරට ලක්විය හැකි බවට ඉරානය අවධාරණය කර ඇත.

එමෙන්ම පවතින අවදානම්කාරී තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සිවිල් වැසියන්ගෙන් සහ ජනතාවගෙන් ඉරානය විශේෂ ඉල්ලීමක් කර ඇත.

එනම් අමෙරිකානු හමුදා කඳවුරු, වරායවල් සහ ඔවුන් රැඳී සිටින ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙසයි. තවද සිදුවිය හැකි දරුණු හානි වළක්වා ගැනීමට එම මධ්‍යස්ථානවලින් ඈත්ව සිටින ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ජනතාවට අනතුරු අඟවා ඇත.

මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය තවදුරටත් උග්‍ර අතට හැරී යනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර