ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් - වෛද්‍යවරුන් 12 දෙනෙකු මරුට
දකුණු ලෙබනනයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් වෛද්‍ය සේවකයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනනයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දින 15 කට පෙර ඉරානයට එරෙහිව දියත් කළ පුළුල් කලාපීය යුද්ධයක් මධ්‍යයේ ඊශ්‍රායල විනාශකාරී ප්‍රහාරය දිගටම පැවතුනි.ඒ අනුව බොහෝ පිරිසකට දිවි අහිමි විය.
සිකුරාදා සවස බින්ට් ජ්බෙයිල් දිස්ත්‍රික්කයේ බර්ජ් කලාඕයියා ගම්මානයට මෙම ප්‍රහාරය එල්ල වූ අතර, රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරුන්, පරිපූරක වෛද්‍යවරුන් සහ හෙදියන් මිය ගිය බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.