ඉරානය සහමුලින්ම විනාසයි - කර්ග් දූපතේ ඉලක්ක 90ක් විනාශ කළ බවට ඇමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කරයි

Report

ඉරානයේ කර්ග් දූපත (Kharg Island) ඉලක්ක කර ගනිමින් ඊයේ (13) දින රාත්‍රියේ සිදුකළ ප්‍රහාරය "විශාල පරිමාණයේ නිරවද්‍ය ප්‍රහාරයක්" බවට ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය (CENTCOM) නිවේදනය කර ඇත.

ඒ අනුව සිය ‘X’ ගිණුම හරහා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් දක්වා ඇත්තේ, මෙම ප්‍රහාර මඟින් දූපතේ තිබූ නාවික බෝම්බ ගබඩා, මිසයිල ගබඩා කිරීමේ බංකර සහ තවත් වැදගත් හමුදා ඉලක්ක රැසක් විනාශ කිරීමට හැකි වූ බවයි.

මැරීන් බලඇණි හරහා කාර්ග් දූපත අත්පත් කරගැනීමේ සූදානමක්?

මැරීන් බලඇණි හරහා කාර්ග් දූපත අත්පත් කරගැනීමේ සූදානමක්?

එමෙන්ම ඇමෙරිකානු හමුදා විසින් ඉරාන හමුදා ඉලක්ක 90කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරය ඔස්සේ විනාශ කර ඇති බවත්, එම මෙහෙයුමේදී දූපතේ ඇති තෙල් යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි ක්‍රියා කර ඇති බවත් අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

එමෙන්ම ඉරාන නිලධාරියෙකු මීට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, දූපතේ තෙල් අපනයන කටයුතු කිසිදු බාධාවකින් තොරව "සම්පූර්ණයෙන්ම සිදුවෙමින් පවතින" බවත් තෙල් සමාගම්වල ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ය.

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ