අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි
පාතාල කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වශයෙන් සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය විසින් අද දින උදෑසන තහවුරු කළා.
ඒ අනුව ඒ සම්බන්ධ විස්තර ලැබෙමින් පවතින අතර වාර්තා වූ ආකාරයට ඇය හෙට (15) දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.
මෙම සැකකරුවන් අල්ලා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ නේපාල ආරක්ෂක අංශ එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.
ඒ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදීයි. එමෙන්ම මෙම මෙහෙයුම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ද ලැබී තිබෙනවා.
මේ අතර අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් අතර ගම්පහ සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙන්ම යාපනයේ පදිංචි යුවළක්ද ඇති බවට හඳුනාගෙන ඇත.
මෙම වසරේ පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අංක 05 අධිකරණ සංකීර්ණය තුළදී සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නම් පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිට චෝදනා එල්ල වුණා.
ඒ අනුව වයස අවුරුදු 25ක් වන ඉෂාරා සෙව්වන්දි අධිකරණ ශාලාව තුළ වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුට සෘජුව ආධාර අනුබල දුන් තැනැත්තිය වශයෙන් සලකයි.
එසේම ඝාතනය සිදු වූ දිනයේ සිටම ඇය අත්අඩංගුවට පත්වීම මග හරිමින් සිටි අතර, ව්‍යාජ අනන්‍යතාවයක් යටතේ විදෙස් ගතව සැඟවී සිට ඇති බවට ද සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය.
එබැවින් අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා හෙට (15) දිනය වන විට නේපාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලීසිය තහවුරු කරයි.
එසේම වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට අදාළ කටයුතු දැනටමත් සූදානම් කරමින් පවතින බව සඳහන්.