තවත් මහමොළකරුවෙක් අත්අඩංගුවට

Report

ශ්‍රී ලාංකිකයින් විසින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය සමත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අධික විෂ සහිත ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

එසේම එහිදී හයිඩ්‍රොපොනික් ගංජා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 400ක් සහ සයිලොසොබීන් හෙවත් මැජික් හතු නමින් හඳුන්වන හතු කිලෝග්‍රෑම් 6ක් ද සොයාගෙන ඇති බව සඳහන්.

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ඉකුත් 9 වන දින තායිලන්තයේ සිට ඉන්දියාවට ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය මඟින් කෙම්පෙගඋඩා ගුවන්තොටුපළේ දී කොළඹ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඔවුන්ගේ ගමන් බෑග තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තොරතුරු රැසක් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිව තිබෙනවා.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවා ඔහු වෙනත් ගුවන් යානයකින් පැමිණි විටදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉන්දිය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.  

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

පොලිස්පතිට ලෙඩ ගොඩක් - මේක ශ්‍රී ලංකා පොලිසිය මිසක් මාලිමා පොලිසියක් නෙවෙයි

පොලිස්පතිට ලෙඩ ගොඩක් - මේක ශ්‍රී ලංකා පොලිසිය මිසක් මාලිමා පොලිසියක් නෙවෙයි