කොයි වෙලේ හරි පොලිසියෙන් හොයන් එයි කියලා ඉෂාරා ගහපු මාස්ටර් ප්ලෑන් එක - ඩමියක් හදලා වීසත් අරන්

Report

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකරන ලද සාර්ථක ජාත්‍යන්තර මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබූ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ අධිකරණ භූමියේදී සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ වූ මෙම සැකකාරිය රටින් පලා ගොස් ඉන්දියාවට මුලින් ගොස් ඉන් පසුව නේපාලයේ සැඟව සිට ඇති බව අනාවරණය වුණා.

මේ සම්බන්ධයෙන් අද (14) දින පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පහත තොරතුරු වාර්තා කළා.

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ඒ අනුව මෙය ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන ලද දෙවන ජාත්‍යන්තර මෙහෙයුම වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ බුද්ධි අංශවල නිලධාරීන් මෙම මෙහෙයුමට සහභාගි වී ඇත.එසේම 2025 පෙබරවාරි 19 වැනි දින කොළඹ පහ අධිකරණ භූමියේදී සිදුවූ ඝාතනයට ඇය සමග සම්බන්ධ ප්‍රධාන චූදිතයෙකු එදිනම හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූවත් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිටියා.එමෙන්ම අධිකරණ පරිශ්‍රය තුළට ගිනි අවියක් රැගෙන ගොස්, ඝාතනය සිදු කළ පුද්ගලයාට එය භාරදී තිබුනේ ඇයයි.තවද ඇය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ආදී අධිකරණ කිහිපයක විවිධ මනුෂ්‍ය ඝාතන සැලසුම් කළ කාන්තාවක් වශයෙන් ද හඳුනාගෙන තිබුණා. මේ අතර වාර්තා වන අන්දමට අඳාළ සැකකාරිය ලංකාවෙන් පලා ගොස් ඇත්තේ, මිද්දෙණිය ප්‍රදේශයේ සිට යාපනය ප්‍රදේශයේ ජේ.කේ. බායි නම් පුද්ගලයෙකුගේ උපකාර ඇතුවයි. ඒ උපකාර මත සැකකාරිය බෝට්ටුවෙන් ඉන්දියාවට ගොස් තිබෙනවා. එහිදී ඉන්දියාවේ දින තුනක් පමණ රැඳී සිටි ඇය, පසුව දින හතක් පමණ ගත කර ඉන්පසුව දුම්රියෙන් නේපාලය බලා පිටත් වී තිබෙනවා. එසේම නේපාලයේ අගනුවර කත්මණ්ඩු සිටි කිලෝමීටර 18 ක් පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක ඉහළ මාලයක පිහිටි තට්ටු නිවාසයක සැඟවී සිටි ඇය, අවසානයේදී ශ්‍රී ලංකා පොලිසිය සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඇගේ මෙම ගමන සඳහා ලක්ෂ 65ක පමණ මුදලක් වැය කර ඇති අතර, ඇයගේ නවාතැන්, ආහාරපාන සහ අනෙකුත් වියදම් සඳහා තවත් විශාල මුදලක් වෙන් කර ඒ සියල්ල බායි නම් පුද්ගලයා ගෙවා ඇති බව ද වාර්තා වේ. මේ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකාරිය කියා ඇත්තේ, "මම දැන සිටියා කොයි වෙලාවක හරි මාව පොලිසිය හොයාගෙන එයි කියලා," යනුවෙන්. එමෙන්ම සැකකාරිය ඩුබායි වෙත පලා යාමට උත්සාහ කර ඇති අතර, ඒ වෙනුවෙන් ඇය "ඩමියක්" (ඇයට සමාන පෙනුමක් ඇති තැනැත්තියක්) සූදානම් කර තිබූ බවද පරීක්ෂණ වලදී හෙළිව තිබෙනවා. තවද මෙම ඩමිය සඳහා ඩුබායි, ඉන්දියාව සහ නේපාලය සඳහා වීසා ලබාගෙන තිබෙන අතර, එම තැනැත්තියද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

මේ අතර ඉෂාරා සෙව්වන්දි හා සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇයට රැකවරණය සැපයූ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිය ද ඒ අතර වන බව වාර්තා වේ.

ඊට අමතරව, ගම්පහ, කොළඹ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් හතර දෙනෙකු හා සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

එමෙන්ම පොලිස් මාධ්‍ය "අධිකරණය මග හැර සිටින කාන්තාව ප්‍රධාන සාක්ෂිකාරියක් වන අතර, ඇය තමයි මෙම සියලු දේවල් 'කෝඩිනේට් කරන' මැද පුද්ගලයා විය." යනුවෙන් සඳහන් කර ඇත.

තවද මෙම අත්අඩංගුවට ගැනීම සාර්ථක වීමට නේපාල රජයේ සහ නේපාල පොලිසියෙන් විශාල සහයක් ලැබී ඇති අතර උදර්පන නීතිය යටතේ විවිධ රටවල් අතර ඇති ගිවිසුම් හා එකඟතා මත පදනම්ව මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවන බව මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.

අපරාධ කල්ලි සාමාජික බස් ලලිතුත් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජික බස් ලලිතුත් අත්අඩංගුවට

"රාජ්‍ය තාන්ත්‍රිකව නේපාල රජය සහ නේපාල පොලිසිය, විශේෂයෙන් ශ්‍රී ලංකා ගරු පොලිස්පතිතුමාගේ සහය සහ නේපාල රාජ්‍යයේ පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන ඉතාම සුහදතාවය මත කඩිනමින් මේ සැකකරුවන් සහ සැකකාරියන් ලංකාවට ගෙන්වා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා".

ඒ අනුව අත්අඩංගුවට පත්වූවන් හෙට (15) දින මෙරටට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් රටින් පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා රතු නිවේදන 40ක් පමණ නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම 2025 වසරේ මේ දක්වා රතු නිවේදන හරහා සැකකරුවන් 18 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන ඒමට පොලිසිය සමත් වී තිබෙනවා.   

කෙල්ලගේ ඔළුවට පිහියෙන් ඇනලා මුහුණට ඇගට උණු දිය වත්කරලා ගිල්ලලා මරලා

කෙල්ලගේ ඔළුවට පිහියෙන් ඇනලා මුහුණට ඇගට උණු දිය වත්කරලා ගිල්ලලා මරලා