සටන් විරාමයක් එපා අවසානයක් ඕනේ - ඩොනල්ඩ් ට්‍රම්ප්
එයාර් ෆෝස් වන් ගුවන් යානයේදී වාර්තාකරුවන් සමග කතා කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන - ඊශ්‍රායල් ගැටුම පිළිබඳ තවත් අදහස් පළ කළා.
ජනපති ට්‍රම්ප් කියා සිටියේ, සටන් විරාමයක් ඇති කර ගැනීමට කටයුතු නොකර නමුත් "අපි සටන් විරාමයකට වඩා හොඳ දෙයක් සොයන" බවයි.
සටන් විරාමයකට වඩා හොඳ කුමක්දැයි වාර්තාකරුවන් ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු මෙසේ පැවසුවා:
"සැබෑ අවසානයක්… සටන් විරාමයක් නෙමෙයි. අවසානයක්."