ඉරානයේ පළිගැනීමේ ගින්නෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානය ගිනි ගනී - ජෝර්දානයේ ගුවන් කඳවුරකට බැලස්ටික් මිසයිල 12 ක්
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ජෝර්දානයේ ඇමරිකානු අණදෙන මධ්‍යස්ථානයකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන බව විදෙස් මාධ්‍යක් වන timesofisrael වාර්තා කර ඇත.
ඒ අනුව ආක්‍රමණිකයාට එරෙහි මෙම දණ්ඩනීය මෙහෙයුම" බැලස්ටික් මිසයිල 12 ක් භාවිතා කරමින් "අල්-අස්රාක් ගුවන් කඳවුර සහ එහි පාලන මධ්‍යස්ථානය" ඉලක්ක කර ගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරන බවට තස්නිම් ප්රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම පහසුකම් "සහ ප්‍රහාරක ගුවන් යානා විශාල සංඛ්‍යාවක්" විනාශ කළ බවටයි.
ඒ අනුව ටෙහෙරාන් අසල බන්ඩාර් අබ්බාස් සහ කරජ් ඇතුළු නගර කිහිපයක් ඉලක්ක කරගත් ඇමරිකානු ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් ඉරානය කුවේට්, බහරේන් සහ ජෝර්දානය වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ අතර ඉරාන ප්රවෘත්ති වාර්තාවලට අනුව කලාපයේ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දියත් කර ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කරයි.
ඒ විශේෂයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ කඳවුරු ගැන දක්වමින්.