සුළු මොහොතකට පෙර ඇමරිකාවෙන් ඉරානයට දරුණු ප්‍රහාරයක් - හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් වසා දමයි - නැවතත් ඇවිලුණු මැදපෙරදිග යුද්ධය
අද උදෑසන එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
ඒ ඉරානය සාකච්චා සඳහා බොහෝ කාලයක් ගැනීමට ඉරානය මිලක් ගෙවිය යුතු බව පවසමින් ඉරානයට ඉතාම දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් අනතුරුවයි.
මෙම ගැටුමෙන් පසුව ඉරාන හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ අතිශය වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය සන්නද්ධ යාත්‍රා, තෙල් නැව් ඇතුළු සියලුම වාණිජ නෞකා සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බවයි.
වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුද ගැටුමක් ඇතිවීමේ බිය හේතුවෙන් සහ ඉරානයේ මෙම තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි අනතුරු ඇඟවීම් මධ්‍යයේ අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඉරානයේ දකුණු දිග ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇත.
දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
කලාපීය අනාරක්ෂිතභාවය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ඕනෑම නෞකාවක් තම ඉලක්ක බවට පත්වන බව ඉරාන හමුදා මූලස්ථානය නිවේදනය කර තිබේ.
මේ වනවිට IRGC නිවේදනය කළේ තම ගුවන් හා නාවික හමුදාව ඇමරිකානු කලාපීය ස්ථාපනයන්ට එරෙහිව තරංග දෙකක පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කළ බවත්, ඇමරිකානු හමුදා රැඳී සිටින හමුදා කඳවුරු හරහා පහසුකම් 18 ක් ඉලක්ක කර ගත් බවත්ය.