IPL දින නියමයක් නොමැතිව කල් යයි

By Hashini May 09, 2025 08:04 AM GMT
Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

Punjab Kings සහ Delhi Capitals අතර ඊයේ (08) ධර්මශාලාහි පැවති තරඟය ද ආරක්ෂක හේතූන් මත හදිසියේ අතහැර දැමීමට සිදුව තිබුණා.

මේ අතර පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට්‌ තරඟාවලියේ ඉතිරි තරඟ 8 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ඊයේ කරච්චි කිංග්ස් සහ පෙෂාවර් සල්මි කණ්ඩායම් අතර තරඟය ද කල් දැමීමට සිදු වුණා.

ඒ තරඟය පැවැත්වීමට නියමිතව තිබු රාවල් පිණ්ඩි ක්‍රීඩා සංකීර්ණය තුලට ඩ්‍රෝන යානවාක් කඩා වැටීම හේතුවෙන්. 

මාලිමාවේ ඡන්ද අඩු වෙන්න හේතුව බිමල් කියයි

මාලිමාවේ ඡන්ද අඩු වෙන්න හේතුව බිමල් කියයි