ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය සහිත රට බවට පත්වේ.

Report

ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයට අනුව, ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව වාර්තා වේ.

වර්තමාන ආර්ථික වර්ධන ප්‍රවණතා සැලකිල්ලට ගත් විට, ඉන්දියාව මේ වනවිට එක්සත් ජනපදය සහ චීනයට පමණක් පසුපසින් සිටින ප්‍රධාන ආර්ථිකයක් ලෙස ඉදිරියට පැමිණ ඇත.

දැනට ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 4.18ක් දක්වා ළඟා වී ඇති අතර, 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3ක් දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

නගර සභාවේ වතුර සෙල්ලම් දාපු අයට වැඩ වරදී - විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

නගර සභාවේ වතුර සෙල්ලම් දාපු අයට වැඩ වරදී - විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

ඒ අනුව, 2030 වන විට ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව අපේක්ෂා කරන බව සඳහන් වේ.

මේ අතර, ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයක් ලෙසද විදෙස් වාර්තා මගින් පුරෝකථනය කර තිබේ. එසේම, 2023 වසරේදී අසල්වැසි චීනය අභිබවා ලොව වැඩිම ජනගහණයක් ඇති රට බවට ඉන්දියාව පත්වීම ද එහි ආර්ථික බලය වර්ධනය වීමට ප්‍රධාන කරුණක් ලෙස සැලකේ.

ගී රැජින අද සදහටම දැයෙන් සමුගනී - කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයට රැගෙන යයි

ගී රැජින අද සදහටම දැයෙන් සමුගනී - කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයට රැගෙන යයි