මෙරට සියලුම කර්මාන්තවලට එල්ල වෙන බලපෑම - කියන විදිහට ඔක්කොම වැහෙයිද?
ඊයේ (09) සිට අන්‍යෝන්‍ය තීරුබදු මත දින 90ක විරාමය ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර බොහෝ ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් නැවත ආරම්භ කර තිබෙනවා.
නමුත් කර්මාන්ත දින 90න් ඔබ්බට සහ ඔවුන්ගේ ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විකල්ප සොයමින් සිටී.
ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා මෙරට ප්‍රධාන අපනයන කර්මාන්තවල නිරතව සිටින ප්‍රමුඛතම අපනයනකරුවන් 50 දෙනාටම ශ්‍රී ලංකාව මත පනවා ඇති එක්සත් ජනපද නව තීරුබදු හේතුවෙන් ඇති වන දුෂ්කරතා අවම කිරීම සඳහා විකල්ප උපාය මාර්ග සෙවීම සඳහා විවෘත සංවාදයකට විවෘත වන ලෙස ආරාධනා කළේය.
අමෙරිකානු වෙළෙඳපොළ වෙත අපනයනය සිදුකරන අපනයනකරුවන් සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද (10) පැවති රැස්වීමකදී මෙම අදහස් පළවිය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා, මෙම අර්බුදයට මුහුණ දීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ ආයෝජකයින් හට පැහැදිලි කළේය.
මේ වනවිටත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සිදු කර ඇති අතර, Washington, DC හි ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ධවල මන්දිරයේ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ අදාළ වෙළඳ නියෝජිතයින් සමඟ සාකච්චා ආරම්භ කර ඇත.
තවදුරටත් සම්මුතියකට එළඹීම සඳහා නිශ්චිත තීරුබදු සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයෙන් තනි පුද්ගල උපදේශන ලබා ගැනීමට රටවල් 70ක් පමණ මේ වනවිටත් එක්සත් ජනපදය වෙත ළඟා වී ඇත. එක්සත් ජනපදයට අපනයනය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරවල විවිධ පරාසයක පවතින අතර ඉන් ආයෝජකයින් 200ක් පමණ ආයෝජන මණ්ඩල ව්‍යවසායන් වේ.
2024 දී ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපද භාණ්ඩ වෙළඳ හිඟය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.6ක් වූ අතර, ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 3.0ක් වූ අතර ශ්‍රී ලංකාවට අපනයනය ඩොලර් මිලියන 368.2කි.
මෙම සාකච්ඡාවට ඇඟලුම් කර්මාන්තය, රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, ආහාර කර්මාන්තය සහ විසිතුරු භාණ්ඩ කර්මාන්තය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයෝ ද සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ තරඟකාරී රටවල ආන්ත්‍රික තීරුබදු සහ ඒවා එක් එක් අංශයට බලපාන ආකාරය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
විශේෂිත ආර්ථිකයන් කෙරෙහි එක්සත් ජනපදයේ බලපෑම අවම කර ගැනීමට සහ තවදුරටත් වෙළඳ සබඳතා සෙවීම සඳහා බොහෝ රටවල් විකල්ප වෙළෙඳ ගිවිසුම් සහ නව වෙළෙඳපොළ අවස්ථා සොයමින් සිටින බව සාකච්ඡාවේදී අවධාරණය විය.
මෙම වර්ධනයන් ශ්‍රී ලාංකීය කර්මාන්ත නැඟී එන වෙළෙඳපොළ සමඟ හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීමට සහ ඔවුන්ගේ සැපයුම් දාම විවිධාංගීකරණය කිරීමට දිරිමත් කරයි.
සාම්ප්‍රදායික වෙළෙඳ බලයෙන් පිටත රටවල් සමඟ සහයෝගීතාවයන් පෝෂණය කිරීමෙන්, ඔවුන්ට නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය භූ දර්ශනයක් තුළ ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව වැඩි දියුණු කළ හැකිය.
