දළදා වදින්න එන මහජනතාව වෙනුවෙන් කරන්න යන දේ
By Mithu
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාවේ මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් පොලිස් අධිකාරි ඩී.සී.ඩී ඉලංගකෝන් මහතා පවසයි.
බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන කළමනකරණය සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේවන විට සූදානම් කර ඇතැයිද ඒ මහතා පැවසීය.
පොලිස් අධිකාරිවරයා මේ බව පැවසුවේ , අද (10) 2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පූර්ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.