තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Government Of Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Wayomi Sep 15, 2024 10:23 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණය කරන අතර ඒ බව ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බව ද සඳහන් කළා.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.


ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වන බව ද ඇය කියා සිටියා.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ පසුගිය 12 වැනිදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීය. 

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?

 

එහිදී ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළා,

“පසුගිය ජූනි 12 වන දින, අපගේ විධායක මණ්ඩලය විසින් 2024 අංක IV වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 336 ක පමණ මූල්‍යාධාරයක් නිදහස් කර තිබෙනවා. වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙනවා. ආර්ථිකය වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා. උද්ධමනය පහළ යමින් තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත්, තවමත් සැලකිය යුතු මට්ටමේ අවදානමක් පවතිනවා. එමනිසා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.”

වාර්තා පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම මෙන්ම නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ ගිවිසුම්වලට එළැඹීම ප්‍රධාන සන්ධිස්ථාන බවට පත්වන බවයි.

එසේම IMF කාර්ය මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩ රාමුව සමාලෝචනය කරමින් සිය තක්සේරුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ලබා දී ඇති බවත්, මීට අමතරව, ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් මෙම තක්සේරුව ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගේ මූල්‍ය උපදේශකයින් වෙතද ලබාදී ඇති බවත් ඇය පැවසුවාය.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.


එමෙන්ම “ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අපගේ කාර්යභාරය එතැන් සිට අවසන් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහභාගී නොවන බව මම මෙහිදී අවධාරණය කළ යුතුයි. එම සාකච්ඡා සිදුවන්නේ ණය ලබාගත් රට සහ එහි ණය හිමියන් අතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන්නේ ණය තිරසරභාවය පිළිබඳ සාමාන්‍ය තක්සේරුවක් පමණයි. වැඩි විස්තර සඳහා, ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පරීක්ෂා කරන ලෙස මම ඔබට යෝජනා කර සිටිනවා.” යැයි ද ඇය සඳහන් කළාය.

එසේම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ තක්සේරුව (DSA) සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජූලි කොසැක් මහත්මිය මෙසේ පැවසුවා.

“මේ සඳහා මගේ පිළිතුර, මා විසින් ලබාදුන් පෙර පිළිතුරුවලට සමාන වෙනවා. පළමුවෙන්ම, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට අපට දකින්නට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මෙම වැඩසටහන තුළින් අත්කර ගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වනවා.

ඡන්දය දෙන කෙනා ගැන කියන්න තහනම්. - එහෙම වුණොත් සිදු වන දේ මෙන්න.

ඡන්දය දෙන කෙනා ගැන කියන්න තහනම්. - එහෙම වුණොත් සිදු වන දේ මෙන්න.


තුන්වන සමාලෝචනය සිදු කරනු ලබන කාලසීමාව මැතිවරණයෙන් පසුව රජය සමඟ සාකච්ඡා කරනවා. එමනිසා අප ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව නව රජයක්, නැතහොත් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සිදුකරන තෝරාගැනීම මත පදනම් ව හිමිවන ප්‍රතිඵලය අනුව, වැඩසටහන පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කටයුතු කිරීමට අප සූදානම්ව සිටිනවා.”