සුළු මොහොතකට පෙර වාර්තා වූ මොරටුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට - කාන්තාවකටත් තුවාල
මොරටුව සොයිසාපුර ආපනශාලාවකදී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම ආපනශාලාවේ මුදල් අයකැමිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසන බව වාර්තා වේ.
ඒ අනුව මෙම වෙඩි තැබීම මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් සිදුකර තිබුණා.
එසේම වෙඩි ප්රහාරයට මැදි වු ආපනශාලාවට පැමිණි කාන්තාවක්ද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසු බව සඳහන්.