මොරටුව ගල්කිස්ස සොයිසාපුර කැළඹයි - වෙඩි තැබීමක්
මොරටුව ගල්කිස්ස සොයිසාපුර ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම වෙඩි තැබීම අද (20) රාත්රී 8.20ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකර ඇති බව සඳහන්.
මේ අතර පොලිසිය පැවසුවේ හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
එසේම වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.