22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

Report

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රතිපල ලබාදීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

ඔහු පවසන්නේ ඒ සම්බන්ධයෙන් ජනතාව චකිතයක් හෝ සැකයක් ඇතිකර නොගත යුතු බවයි.

උසස් පෙළ විභාගයට දින නියම වෙයි. - විභාග කොමසාරිස් දැනුම් දෙයි.

උසස් පෙළ විභාගයට දින නියම වෙයි. - විභාග කොමසාරිස් දැනුම් දෙයි.


ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල සිට කිලෝමීටර් 30කට වැඩි ඉතා දුෂ්කර ප්‍රදේශ වල පිහිටි ඡන්ද පොළවල් ඇති අතර එවැනි ඇතැම් ඡන්ද පොළවල සිට කිලෝමීටර් 05ක් 06ක් දුර පයින් ඡන්ද පෙට්ටි රැගෙන ඒමට ද සිදු වේ.

ඒ හේතුවෙන් ගණන් කර සමස්ත ප්‍රතිපලය ලබාදීමට ප්‍රමාද විය හැකි බවත්, ප්‍රතිපල ලබාදීමට ප්‍රමාද වීම තුල ජනතාව අතර විවිධ බොරු ප්‍රචාර පැතිර යා හැකි බවත්, එහිදී සියලු මාධ්‍ය වෙත විශාල කාර්ය භාරයක් පැවරී තිබෙන බවත් සභාපතිවරයා අවධාරණය කරනවා.

මේ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ජනතාව සන්සුන් වන පරිදි කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

හරි නම් මේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ඕන දේවල්. - මැතිවරණ ප්‍රචාරණට ළමයින් යොදා ගත්තොත් නීතිය සැරයි.(නිවේදනය )

හරි නම් මේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ඕන දේවල්. - මැතිවරණ ප්‍රචාරණට ළමයින් යොදා ගත්තොත් නීතිය සැරයි.(නිවේදනය )