ටෙලිග්රෑම් භාවිතා කරන අය ප්රවේශමෙන් - රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට
අන්තර්ජාල ව්යාපාරයක් මඟින් මුදල් ඉපයිය හැකි බව සඳහන් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ටෙලිග්රෑම් හරහා සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය මඟින් ව්යාපාර කර මුදල් ඉපයිය හැකි බව සඳහන් කර රුපියල් 12,691,033ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය වෙත යොමු වී ඇති බව සඳහන්.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
එම පැමිණිල්ල මත වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී වංචා කරන ලද මුදලින් රුපියල් ලක්ෂ 5ක මුදලක් තම බැංකු ගිණුම වෙත බැර කරවාගත් පුද්ගලයෙකු මුදල් වංචා කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 36ක් වූ නවගත්තේගම ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මේ අතර පොලීසිය ප්රකාශ කළේ සිද්ධිය සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.