හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

Report

පසුගිය අරගල සමයේදී, හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයින්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අනුරාධපුර පදිංචි ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නමැත්තියගේ නිවාසගිනි තැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇති බව හානිපූර්ණය සඳහා වන කාර්යාලය වාර්තා කර තිබෙනවා.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.


මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ, තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම කාර්යාලයෙන් කරන ලද විමසීකට අනුව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අනුරාධපුර නව නුවර පාරේ, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥානා අක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදී.

ඒ අනුව, හානිපූරණය සඳහා වන කාර්යාලය අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇති බවයි එම කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කර ඇත්තේ.

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට වෙන දේ ගැන දැනගෙන හිටියද?

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට වෙන දේ ගැන දැනගෙන හිටියද?


එමෙන්ම මෙලෙස මූල්‍ය සහන ලබාදීමේදී හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන්.

අනුර බයවෙයි? - IMF එනවා නම් රනිල් සමඟ විවාදය බෑලූ.

අනුර බයවෙයි? - IMF එනවා නම් රනිල් සමඟ විවාදය බෑලූ.