IMF කොන්දේසියක් ජුනි 30ට පෙර ඉටු කරන්න අණ

Anura Dissanayake IMF Sri Lanka Sinhala news
By Mithu Apr 12, 2025 01:20 AM GMT
Mithu

Mithu

Report

 මූල්‍ය අක්‍රමිකතාවන්ට සම්බන්ධ වන රජයේ නිලධාරීන්ගෙන් අධිභාර අය කිරීමේ ක්‍රියාවලිය ලබන ජුනි මස 30 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබේ.

මෙම ක්‍රියාවලිය ස්ථාපිත කිරීම අරමුදලේ ප්‍රබල කොන්දේසියකි. කලින් යෝජනා වී තිබුණේ විගණකාධිපතිවරයාගේ නිර්දේශය මත නීතිපතිවරයා විසින් අධිභාර අය කිරීම සඳහා පියවර ගනු ලැබීමටය.

එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී යෝජනා වී ඇත්තේ විගණකාධිපතිවරයාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරන ස්වාධීන කමිටුවකට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමටය.

ජාතික විගණන කාර්යාල නියෝජනයකින් තොර මෙම ස්වාධීන කමිටුවේ ප්‍රධානත්වයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු පත් කිරීමට නියමිතය.

තවත් විදුලි බලාගාරයකට විදුලිය මිලදී ගනී.

තවත් විදුලි බලාගාරයකට විදුලිය මිලදී ගනී.

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමික නිලධාරියෙක්, වරලත් ගණකාධිකාරී ආයතනයේ නිලධාරියෙක් ඇතුළු පස් දෙනකුගෙන් කමිටුව සමන්විත විය යුතු බවට යෝජනා කර ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා රජය සතු සමාගම්වල නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය අදාළ වෙයි.

දැනට පවතින නීතිමය තත්ත්වයන් යටතේ අධිභාර අය කිරීම සඳහා විගණකාධිපතිවරයාට නිර්දේශ කළ හැක්කේ පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු සීමිත ආයතන ප්‍රමාණයකට අදාළව පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණි හැම අවස්ථාවකදීම මේ සම්බන්ධයෙන් හිටපු විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න පෞද්ගලිකව හමුවී සාකච්ඡාද පවත්වා තිබිණි. එහිදී ඔවුන් අවධාරණය කර තිබුණේ ණය ලබාදීමට ප්‍රථම දූෂණයෙන්​ ​තොර ක්‍රියාවලියක් ඇති කළ යුතුය යන්නය.

අදත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අදත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි


ReeCha