අදත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

By Zara Apr 12, 2025 12:30 AM GMT
Report

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (12) දහවල් 12:11 ට ආඩියකුලම්, වෙප්පන්කුලම්, පදවිය සහ කුච්චවේලි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

ලුනාව ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්න

ලුනාව ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්න