තවත් විදුලි බලාගාරයකට විදුලිය මිලදී ගනී.

CEB Minister of Energy and Power Mega Power Sinhala news
By Mithu Apr 12, 2025 12:27 AM GMT
Mithu

Mithu

Report

 ‘සහස්දනවි’ විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන බවයි.

ඒ අනුව වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බව සඳහන්වේ. ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350ක මෙම සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසයි.

එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සපයනු ඇත.ඒ තුළින් විශාල වාසි සහගත තත්ත්වයන් අත්පත් කර ගත හැකි බවත් ඔවුන්ගේ මතයයි.

ඉන් අනතුරුව තවත් මාස 12කින් එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. මෙම බලාගාරය ප්‍රතිවායුකෘත – ද්‍රවීකෘත ස්වාභාවික වායුව (R-LNG) භාවිතයෙන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ පුළුල්වන පුනර්ජනනීය බලශක්ති අංශයට අත්‍යවශ්‍ය සහයක් සපයනු ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ සුළං වේගය අඩුවන අවස්ථාවලදී එම බලාගාරයට ඉල්ලුම අනුව ක්‍රියාත්මක කළ හැකි නම්‍යශීලී බලශක්තියක් සැපයීමේ සුවිශේෂී හැකියාවක් මෙම බලාගාරයට ඇත.

එමගින් එයට සූර්ය හා සුළං විදුලි උත්පාදනවල ඇතිවන වෙනස්කම් සමතුලිත කිරීමට හැකියාව තිබේ. 2028 වනවිට සහස්දනවි සහ අනෙකුත් එවැනි බලාගාර සියල්ල ඩීසල් ඉන්ධනයෙන් සම්පූර්ණයෙන්ම R-LNG වෙත පරිවර්තනය වන අතර ඒ අනුව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ එම පරිවර්තනයෙන් පසු ඉන්ධන පිරිවැය ආසන්න වශයෙන් 50%කින් අඩුකර ගත හැකිවන බවත්, දූෂිත වායු විමෝචන ප්‍රමාණයද සැලකිය යුතු ලෙස පහළ දැමිය හැකි බවයි.

මෙම පරිවර්තනය මගින් ශ්‍රී ලංකාවට සූර්ය හා සුළං විදුලි ජනන ධාරිතාව පුළුල් කරගැනීමට හැකිවන අතර, ජාතික විදුලි ජාලයේ අත්‍යවශ්‍ය විශ්වසනීයත්වය රැකගැනීමටද හැකියාව ලැබෙනු ඇත. R-LNG භාවිතා කර සංයුක්ත චක්‍රීය මෙහෙයුම්වලට මාරුවීමෙන් පසු, සහස්දනවි බලාගාරයේ ජනන පිරිවැය විදුලි ඒ්කකයක් සඳහා රුපියල් 37ක් පමණ වනුඇති බවට විදුලිබල මණ්ඩලය පුරෝකථනය සිදුකරයි.

එමගින් ගෘහස්ත, ව්‍යාපාර හා කාර්මික අංශ සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට අවස්ථාව උදාවන අතර, දේශීය ආර්ථිකයේ ස්ථාවරභාවය ශක්තිමත් වනු ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

ඉන්දු ලංකා ගිවිසුමෙන් අවි ගබඩාවක් ලංකාවට?

ඉන්දු ලංකා ගිවිසුමෙන් අවි ගබඩාවක් ලංකාවට?

IMF කොන්දේසියක් ජුනි 30ට පෙර ඉටු කරන්න අණ

IMF කොන්දේසියක් ජුනි 30ට පෙර ඉටු කරන්න අණ

ReeCha