රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන් [VIDEO]

Report

රිමාන්ඩ් භාරයට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යාම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් අද (27) දින මාධ්‍ය හමුවක් අමතමින් අදහස් ප්‍රකාශ කළා.

ඒ අනුව සභාපතිවරයා සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුල සතු වූ අක්කර 43 ක භූමියක මෙම බන්ධනාගාරය පිහිටා තිබෙන බවයි.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

එසේම ඔහු විසින් මෙම කරුණ සනාථ කරමින් අදාළ ඉඩම් ඔප්පු සම්බන්ධ පත් ඉරු සටහන්ද මාධ්‍යයට ඉදිරිපත් කළා.

ඒ අනුව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගත් පසු ගෙන ගියේ ඔහුගේ මිත්තණියගේ පරම්පරාවට අයිතිව තිබූ වැලිකඩ බන්ධනාගාර භූමියටයි. ඉතිහාසය දෙස බලන විට, මේ භූමියේ මුල් අයිතිකරුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පවුලේ උදවියයි. මෙය ඉතාම ඛේදනීය සහ දෛවෝපගත අවස්ථාවක්. මෙම ඉඩමේ පත්තිරු සටහන් සියල්ල මගේ ළඟ තියෙනවා. එවැනි පරපුරක සාමාජිකයකුට මෙය මහ ඛේදජනක සිදුවීමක්” යනුවෙන්.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

එසේම අඳාළ මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය සහ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් මහතා ද එක්ව සිටියා.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම