තෙල්වලට සහන දෙන්න ගියොත් වෙන අලාභෙත් අපිට ගෙවන්න වෙනවා - සිපෙට්කෝ සභාපති
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා විසින් මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබීම හේතුවෙන් බව ප්‍රකාශ කර ඇත.
එසේම ඔහු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සූත්‍රයට අඳාළ දත්ත අමාත්‍යංශයට යොමු කිරීමෙන් අනතුරුව ඉන්ධන මිල තීරණය කරන බවයි.
එසේම පහුගිය ජුනි මාසයේ ඉන්ධන මිල ඉහළ ගියේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් බවද ඔහු කියයි.
යුද සමයේ ඉන්ධන ඉහළ ගිය කාලසීමාවේදී ඩීසල් නැවක් ගැනීමට සිදුවූ බවත් එය මෙවර ඉන්ධන මිල තීරණයේදී තදින්ම බලපෑ බවත් පවසයි.
සභාපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉන්ධන මිල තීරණය කිරීමේදී ජනතාවට උපරිම වශයෙන් සහන දීමට තෙල් සංස්ථාව කටයුතු කළොත් ශ්‍රී ලංකාවේ තෙල් වෙළඳාමේ යෙදෙන සෙසු සමාගම්වලට අලාභ වුවහොත් ඒවා ගෙවීමටත් සිදුවන බවයි.
එසේම ඊට අදාළ ගිවිසුම් ගත වීමට පසුගිය කාල සීමාව වන්හි කටයුතු කර ඇති බවත් ඔහු පවසා ඇත.
