විවාදයක් පවත්වන්නේ නම් නායකයින් අතර පමණක් පැවැත්වේ - නලින්ද ජයතිස්ස

Report

 ජාතික ජන බල වේගයේ නායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, විවාදයක් පවපවත්වන්නේ නම් නායකයින් දෙදෙනා අතර පමණක් එය පැවැත්විය යුතු බවයි.

තව දුරටත් අදහස් ඉදිරිපත් කළ එතුමා පෙන්වා දෙන්නේ, ඉදිරියේ දී එළඹීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් වන බැවින් ලොව සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජනාධිපතිවරණයක් ආසන්න කාලයේ දී පක්ෂ ප්‍රධානින් අතර පමණක් විවාද පවත්වනු ලබන බවත් ඒ හැර වෙනත් විවාද සඳහා ප්‍රමුඛතාවයක් ලබා නොදෙන බවයි.

යුරෝපා රටවල් ත්‍රිත්වයක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනී...

යුරෝපා රටවල් ත්‍රිත්වයක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනී...

ඒ අනුව , නායකයින් අතර විවාදය ජුනි 06 වෙනි දින පැවැත්විය යුතු බවත් හෙතෙම පැවසී ය.

වාහන ආනයනය පිළිබඳව මහා බැංකුව පැවසු දේ...

වාහන ආනයනය පිළිබඳව මහා බැංකුව පැවසු දේ...

වැඩි දුරටත් අදහස් ඉදිරිපත් කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ, එදින එම විවාදයට සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවේ නම් ඉන් ඉදිරියට විවාදයක් සම්බන්ධව කිසිදු කතාවක් නොකරන බවයි.