ආයුර්වේද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
දේශීය වෛද්ය ක්ෂේත්රය වඩාත් විධිමත් ලෙස නියාමනය කිරීම සහ දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්ර නිකුත් කිරීම ඇතුළු සංශෝධන රැසක් උදෙසා 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා යන වෛද්ය ක්රමවලින් සමන්විත ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ක්ෂේත්රයේ නියාමන කටයුතු විධිමත් කිරීම, සියලු කාර්යයන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සහ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මෙම සංශෝධනවල ප්රධාන අරමුණයි.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදීමට නියමිතය.