වාහන ආනයනය පිළිබඳව මහා බැංකුව පැවසු දේ...
By Parami Dissanayake
අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇති බවයි.
ඒ අනුව , හෙතෙම පවසා සිටියේ, "සමහර වාහනවලට දැනටමත් ඉඩදීලා තිබෙනවා. වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක්. විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා." යනුවෙනි.
එමෙන් ම, එතුමා තව දුරටත් පවසා සිටියේ, මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බවයි.