කටට රස ඇඟට ගුණ ප්‍රෝටීන් පිරුණ සොසේජස් ගෙදරදිම හදමු පරිප්පු වලින්?

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sinhala news
By Wayomi Mar 28, 2025 01:27 PM GMT
Wayomi

Wayomi

Report

සොසේජස් කිව්වහම කවුද අකමැති. ඒත් ඉතින් කඩේ තියෙන සොසේජස් වල ගුණාත්මක භාවය නම් හැබැයි දෙපාරක් හිතන්න වෙනවා නේද ඒ නිසා අපි අද සොසේජස් ගෙදර හදමුද මේක නිර්මාංශ අයටම කියාපු සොසේජස් එකක්. අහල තියෙනවද පරිප්පු වලින් සොසේජස් හදන්න පුළුවන් කියලා. එහෙමනම් අපි අද හදමු පරිප්පු සොසේජස්

වසර හතක් යුක්තිය වෙනුවෙන් සටන් කරන මවක් - දැන්වත් සාධාරණය ඉල්ලයි .Exclisive(VIDEO)

වසර හතක් යුක්තිය වෙනුවෙන් සටන් කරන මවක් - දැන්වත් සාධාරණය ඉල්ලයි .Exclisive(VIDEO)

අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු කෝප්ප එකක්

බීලූනු ගෙඩි භාගයක්

සුදු ලුණු බික් දෙකක්

කරපිංචා ඉති දෙකක්

ඉඟුරු කැබැල්ලක්

තෙල් ටිකක්

කෑලි මිරිස් මේස හැඳි එකක්

කහ කුඩු ස්වල්පයක්

ලුණු

මිරිස්කුඩු මේස හැඳි එකක්

ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්

මුලින්ම ඔයා පරිප්පු ටික හොඳට හෝදලා පැයක් විතර පෙගෙන්න තියාගන්න. පැයකට පස්සේ පරිප්පු වල වතුර ටික පෙරල අයින් කරගන්න. දැන් භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දාගන්න තෙල් ටික රත් වෙනකොට චොප් කර ගත් ඉඟුරු සුදුලූණු කරපිංචා සහ ලූණු ටික එකතු කරලා ටිකක් තෙම්පරාදු කරගන්න. දැන් මේ ටික සාමාන්‍ය තරමට තෙම්පරාදු වුණාට පස්සේ කෑලි මිරිස්, ගම්මිරිස් මිරිස් කුඩු, සහ ලුණු එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න ඊට පස්සේ ඔයා ඒකටම පරිප්පු ටික එකතු කරගෙන විනාඩි පහක් විතර තෙම්පරාදු කරගන්න ඕනේ දැන් මේ තෙම්පරාදු කරගත්ත මිශ්‍රණය හොඳින් නිවෙනකල් පැත්තකින් තියාගන්න

මිශ්‍රණය හොඳින් නිවුණට පස්සේ බ්ලෙන්ඩර් ඡායා එකක් අරගෙන මේ මිශ්‍රණය බ්ලෙන්ඩර්චායකට දාලා වතුර මේස හැඳි දෙකක් වගේ එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

දැන් මේ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණයෙන් ටික ටික පොඩි ෆොයිල් පේපර් වලට තියලා sosages වගේ දිග අතට රෝල් කරලා ඉතින් අඹර ගන්න ඕනේ

දැන් මේ හදාගත්ත සොසේජස් විනාඩි 30ක් විතර හොඳින් ස්ටීම් කරලා අරගන්න දැන් මේ ටික හොඳින් නිවනකල් තියාගන්න ඕනේ. හොඳින් නිවුනට පස්සේ ෆොයිල් එක ගලවලා සොසේජස් ටිකඑලියට අරගන්න ඔයාට පුළුවන්. දැන් ඔයාට මේ සොසේජස් බැදලා තෙල් දාලා ඔයා කැමති විදිහට කෑමට එක් කරගන්න පුළුවන් ශීතකරණය උඩ කොටසේ දාලා ඔයාට මේ සුසේජස් සතියක් විතර වගේ කල් තියාගෙන කෑමට එකතු කරගන්නත් පුළුවන්

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ඉතින් ඔයත් හැමදාම උයල කන පරිප්පු වලින් සොසේජස් හදල රස බලන්නකෝ. ඊට පස්සේ ඔයා පරිප්පු උයල කන එකක් නම් නැහැ.

ඉතින් වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ ගගන පේච් එකත් ලයික් කරලා තියාගන්න ආයෙත් රසම රස වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම් හැමෝටම සුභ දවසක්

 

ReeCha